කතරගම ලංගමයේ 14කට කොරෝනා

0
කතරගම ලංගමයේ 14කට කොරෝනා
කතරගම ලං.ග.ම. ඩිපෝවේ නඩත්තු අංශයේ සේවකයන් 14කට කොරෝනා ආසාදනය වී ඇතැයි කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඩිපෝවේ නඩත්තු අංශයේ සේවකයන් පිරිසක් පෙරේදා (17දා) හදිසියේම අසනීපවීම නිසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් පැමිණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කර ඇත. එහිදී මෙම 14 දෙනකු ආසාදිතයන් බවට තහවුරුවී ඇත.

ඔවුන් මේ වනවිට ඩිපෝවේම නිරෝධායනයට යොමුකර ඇති අතර නඩත්තු අංශයේ කටයුතු අඩාළ වී ඇතත් බස් ධාවනය සාමාන්‍ය ලෙස සිදුවන බව ඩිපෝවේ නිලධාරියකු පැවසීය.