සති අන්තයේ චාරිකා ගියොත් ඉදිරියේදී රට වහන්න වේවි

0
Travel Restriction Warning by Upul Rohana - සති අන්තයේ චාරිකා ගියොත් ඉදිරියේදී රට වහන්න වේවි

සති අන්තයේ දීර්ඝ නිවාඩු කාලය තුළ නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් බැහැර කරමින් ජනතාව හැසිරුණොත් එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේ රට නැවත වරක් වසා දැමීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

එළැඹී තිබෙන දීර්ඝ සති අන්තය බොහෝ දෙනෙකු අනිසි ආකාරයෙන් භාවිත කරන බවක් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම තරුණ පරපුර විනෝද චාරිකා වැනි අවස්ථාවන්ට සහභාගි වී සිටින ආකාරයත් පසුගිය දිනවල අපි දුටුවා.

මේ ආකාරයට විනෝද චාරිකා සඳහා යන පිරිස් අවධාරණය කර ගත යුතු වන්නේ තමන් අනතුරු දායක තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින බව යැයිද මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා පැවසීය.