ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

0
ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබේ.

එම අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබෙන්නේ ගැඹුරු සහ නොගැඹුරු මුහුද ආශ්‍රිතව මසුන් ඇල්ලීමේ ක්‍රියාවල නිරත ධීවරයින් සදහායි.

ඒ අනුව මන්නාරම සිට කන්කසන්තුරය හා ත්‍රිකුණාමලය දක්වා වන මුහුද ප්‍රදේශ සහ අරාබි මුහුද ප්‍රදේශ වලට රතු නිවේදනය නිකුත් කර තිබේ.

මේ අතර නැගෙනහිර – මධ්‍යම අරාබි මුහුදුදේ පවතින අඩුපීඩන කලාපය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර ඉදිරි පැය 48 තුළ හොඳින් වර්ධනය ව අඩුපීඩන තත්ත්වයක් බවට පත්වීමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ හේතුවෙන් මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.