ජනපතිගෙන් තවත් අලුත් ගැසට්ටුවක්

0
ජනපතිගෙන් තවත් අලුත් ගැසට්ටුවක්
රාජ්‍ය ආයතන සහ අමාත්‍යංශ කිහිපයකට අදාළ ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් ඊයේ සිට බලාත්මක වන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සංශෝධනය වී ඇති ආයතන සහ අමාත්‍යංශ අතර , ජනාධිපති කාර්යාලය, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශය හා මුදල් අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවයි.

විදේශ අමාත්‍යංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.