අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
Covid New Cases in Sri lanka Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 196 දෙනෙක් අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ වාර්තා වු සමස්ත දෛනික ආසාදිතයින් ගණන 728කි.

මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 553,722කි.

තවත් කොරෝනා ආසාදිතයන් 448ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබේ.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 525,188ක් දක්වා ඉහළගොස් ඇත.

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.