ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල 15000 ඉක්මවයි

0
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල 15000 ඉක්මවයි
කිලෝ 5 හිස් ගෑස් සිලින්ඩරයක මිල 10000 ඉක්මවයි. ගෘහස්ථ ගෑස් (12.5Kg) හිස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 10,000ත් 20,000ත් අතර මිල ගණන් යටතේ කළුකඩ වෙළදුන් අලෙවි කරමින් සිටියි.

මේ වන විට අන්තර්ජාලවල ද ගෘහස්ථ හිස් ගෑස් සිලින්ඩරයක් ඉතා අධික මිල ගණන් වලට අලෙවි වෙමින් තිබේ.

එමෙන්ම කිලෝ 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 8,000ත් 12,000ත් අතර මිල ගණන් වලට අලෙවි කරමින් තිබේ.

කෙසේ වෙතත් මෙරට ප්‍රධාන ගෑස් සමාගම් දෙකම මීට මාස කිහිපයක සිටම ගෑස් සිලින්ඩර පාරිභෝගිකයින්ට අලෙවි කිරීම නතර කර ඇත.

මෙරට තුළ ගෑස් හිගයක් ඇතිවීමට පෙර සාමාන්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 3500කට පමණියි.