වනිඳු සහ අසලංකට ලැබුනු වටිනාකම

0
වනිඳු සහ අසලංකට ලැබුනු වටිනාකම
ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වටිනාම ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ පෙරමුණට සුප්‍රසිද්ධ ක්‍රීඩා වෙබ් අඩවියක් වන ඊ.එස්.පී.එන්. ආයතනය විසින් නිමාවූ පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගව නම් කර තිබේ.

ලෝක කුසලානයේදී දැක්වූ දස්කම් මත වටිනාම ක්‍රීඩකයන් 6 දෙනකුගෙන් සමන්විත ලැයිස්තුවක් මෙලෙස තෝරාගෙන තිබේ.

එම දක්ෂයන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වන චරිත් අසලංකට හිමිව ඇත.
ඒ අනුව මෙම ලැයිස්තුවේ වැඩිම නියෝජනයක් ඇති රටද ශ්‍රී ලංකාව වේ. මෙම සටහනට අනුව හසරංගගේ වටිනාකමේ තත්ත්වය 71.6ක් වන අතර අසලංකගේ වටිනාකමේ තත්ත්වය 55ක් ලෙසින් දක්වා තිබේ.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාට පසුපසින් එංගලන්ත ක්‍රීඩක ජොෂ් බට්ලර්, පාකිස්තාන නායක බාබර් අසාම්, ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සහ නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් සිටියි.