අද කොවිඩ් ආසාදිතයන් ගණන 700 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයන් ගණන 700 ඉක්මවයි
අද දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 192ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

ඒ අනුව අද දිනයේ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 720ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 552,994ක්.

තවත් කොරෝනා ආසාදිතයන් 429ක් පූර්ණ සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 524,740ක් දක්වා ඉහළගොස් ඇත.

තවත් කොවිඩ් මරණ 18ක් අද දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විසින් තහවුරු කර තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.