විදෙස් ශ්‍රමිකයින් එවන රට සල්ලි අඩුවෙයි

0
Y%ñlhska tjk rg i,a,s wvqfjhs
විදෙස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මහ බැංකු දත්ත අනුව එය සියයට 50කින් පමණ අඩුවී ඇත.

2020 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව එම අඩුවීම පෙන්නුම්කරන බව විදේශීය අංශයේ 2021 සැප්තැම්බර් මාසයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.

2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 703 ක් වූ විදෙස්ගත සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 353 ක් දක්වා අඩුවී ඇති බව එහි දැක්වේ.

එහි තවදුරටත් දැක්වෙන්නේ සමුච්ඡිත පදනම මත, 2021 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 4,577 ක් දක්වා සියයට 9.3කින් අඩුවී ඇති බවය.

එහෙත් පසුගිය කාලය තුළදී රැකියා සඳහා විදෙස්ගත වූ ගණන 2021 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී 12,274 ක් දක්වා සියයට 38.6කින් වර්ධනය වී තිබුණි.