දුම්රිය සංඥා නොතැකූ මෝටර් රථය දුම්රියක ගැටෙයි

0
දුම්රිය සංඥා නොතැකූ මෝටර් රථය දුම්රියක ගැටෙයි
වයික්කාල ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කරමින් තිබූ මෝටර් රථයක් දුම්රියක ගැටී මාරක අනතුරක් සිදුවී ඇති බව පොලීසිය පවසනවා.

එම අනතුර ඊයේ (15) සවස වයික්කාල, තම්බරවිල දුම්රිය හරස් මාර්ගයේදී සිදුව තිබුණි. එහිදී මෝටර් රථයට දැඩි හානි සිදුවී තිබූ අතර එය දුම්රියේ ඇමිණී මද දුරක් ඇදී ගොස් විසිවී තිබේ.

49 හැවිරිදි මෝටර් රථයේ රියදුරා තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මුහුණුවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා දුම්රිය සංඥා නොතකා, සිය මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයෙන් ඇතුළු කිරීමට යාමේදී මාදම්පේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.