ඇමති ජොන්ස්ටන් තෙල් පෝලිමේ

0
ඇමති ජොන්ස්ටන් තෙල් පෝලිමේ
කිසිදු තෙල් අර්බුදයක් රට තුළ නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (17) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අනවශ්‍ය ලෙස තෙල් පිරවුම්හල් අසල පෝලිම් ඇතිවී ඇති බවත් එනිසාම තමන්ද පෝලිමේ සිට තෙල් ලබා ගත් බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

ජනතාව අවුස්සමින් යම් යම් කණ්ඩායම් හිඟයක් එන බව පවසමින් ජනතාව අපහසුතාවට පත් කරන බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම වත්මන් රජය හිඟයකින් තොරව තෙල් සපයන බවත් ,එම නිසා තෙල් නැතිවේ යයි කියන බියෙන් කලබල නොවී සිටින ලෙසත් ඇමතිවරයා ඉල්ලා සිටියා.