60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට හෙට සිට තුන් වන මාත්‍රාව දෙන්නේ මෙලෙසයි

0
60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට හෙට සිට තුන් වන මාත්‍රාව දෙන්නේ මෙලෙසයි
වයස අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට කොවිඩ් එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා දීම හෙට (17) සිට අරඹන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

අනුරාධපුර,අම්පාර දිස්ත්‍රික්කවල සහ බස්නාහිර ,දකුණ යන පළාත්වල ජීවත් වන අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලබා දීමට නියමිත වනවා.

දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කළ අය මේ සඳහා සුදුසුකම් ලබන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

කොවිඩ් එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලෙස ලබා ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.