කොරෝනා ආසාදිතව මියගිය අඹුසැමි යුවළකගේ පවුලේ හයකටත් කොරෝනා

0
Covid 19 deaths in sri lanka - කොරෝනා ආසාදිතව මියගිය

කොවිඩ් වෛරසය ආසාදනය වී මියගිය බගවන්තලාව, සිරිපුර ප්‍රදේශයේ අඹුසැමි යුවළගේකගේ පවුලේ සාමාජිකයින් 06 දෙනාට ද කොවිඩ් ආසාදනයව ඇති බවට තහවුරු වී ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසනවා.

නිරෝධානයට යොමු කර සිටි මොවුන් හට සිදුකළ කොවිඩ් පරීක්ෂණ වලදී මේ බව තහවුරු වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මීට අමතරව කොවිඩ් වෛරසය අසාදනය වී දැනට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇති නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ පවුලේ සමාජිකයන් තිදෙනෙකුට සහ නිවසේ සේවයට සිටින සේවිකාවකට ද වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වී තිබෙනවා.