පෙම්වතා සමග බස් නැවතුමේ සිටි තරුණියගේ සිරුර මුහුදෙන් හමුවේ…

0
පෙම්වතා සමග බස් නැවතුමේ සිටි තරුණියගේ සිරුර මුහුදෙන් හමුවේ...
මන්නාරම නගරයට පිවිසෙන ප්‍රධාන පාලම අසළ කලපුවේ තිබී හමුවූ තරුණිකගේ මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු රැසක් සොයාගත් බව මන්නාරම පොලිසිය සඳහන් කරනවා.

පොලිසිය පැවසූවේ යාපනය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් එලෙස මන්නාරම පාලම අසළ තිබි සොයාගත් බවයි.

එම තරුණිය මන්නාරම ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවය කොට ඇති අතර පසුගිය 11 වැනිදා ඇය තරුණයෙකු සමඟ මන්නාරම බස් නැවතුම්පොළ හරහා ගමන් කරන ආකාරය දැක්වෙන CCTV දර්ශන පොලිසිය වෙත ලැබී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයන්හි දී අනාවරණය වි ඇත්තේ තරුණිය ආදර සම්බන්ධතාවයක් පැවැත්වු යාපනය ප්‍රදේශයේ තරුණයෙකු සමඟ 11 වැනිදා මන්නාරම නගරය වෙත පැමිණ ඇති බවයි.

එහිදි ඇති වු ගැටළුවක් මත තරුණයා නැවත යාපනයට ගොස් ඇති අතර තරුණිය අනතුරුව සියදිවි නසාගෙන ඇති බව මුලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.