බස්වල යන ගමන් මගීන්ට ෆෝන් එකෙන් සිංදු අහන්න බෑ

0
You can't listen to music on the phone on the bus - බස්වල යන ගමන් ෆෝන් එකෙන් සිංදු අහන්න බෑ
පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ට වාහන තුළදී සිය ජංගම දුරකථන මගින් ගීත ශ්‍රවණය හා වීඩියෝ නැරඹීම තහනම් කිරීමට කර්නාටක ප්‍රාන්ත බලධාරීහු පියවර ගත්හ.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්​තේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයකට අනුවය.

ජංගම දුරකථන ස්පීකර්වලින් නිකුත් වන ශබ්දය හේතුවෙන් සෙසු මගීන් අපහසුතාවයට පත්වන බව සඳහන් කරමින් ඊට එරෙහිව කර්නාටක ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් වී තිබුණි.

එය සැලකිල්ලට ගනිමින් පොදු මගී ​සේවා බස් රථ තුළ අධික ශබ්දයෙන් ජංගම දුරකථන යොදාගෙන ගීත ඇසීම හා වීඩියෝ නැරඹීම තහනම් කිරීමට අධිකරණය ප්‍රවාහන බලධාරීන්ට නියෝග කර ඇත.

මෙම උපදෙස් නොසලකා කටයුතු කරන මගීන් අදාළ බස්රථවලින් ඉවත් කිරීමටද ඔවුන් වෙත බලය පවරා තිබේ.