ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරන්න උතුරේ උත්සව සතියක්…

0
Prabhakaran Birthday - ප්‍රභාකරන්ගේ
කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදෙන‌ නොවැම්බර් 26 වැනි දින ඉලක්ක කර උතුරු නැගෙනහිර මහවිරු සතියක් ප්‍රකාශයට පත් කිරීමට දෙමළ ජාතික ජනතා පෙරමුණ පියවර ගෙන ඇත.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රන් පොන්නම්බලම් මහතා සදහන් කොට ඇත්තේ නොවැම්බර් 21 සිට 27 දක්වා මෙම මහවිරු සතිය ප්‍රකාශයට පත්කරන බවකි.

ඒ අනුව එම සතිය තුළ යුද්ධයෙන් මියගියවුන් සමරා පහන් දල්වන ලෙස ඒ මහතා දෙමළ ජනතාවගෙන් ඉල්ලීමක් කොට ඇත.