මරාගෙන මැරෙන බෝම්බ කරු ටැක්සියක පිපිරී මරුට

0
Car blast in England - මරාගෙන මැරෙන බෝම්බ කරු ටැක්සියක පිපිරී මරුට
ඉරිදා (14) එංගලන්තයේ ලිවර්පූල් හි පොපි දින පෙළපාලියකට කැඳවාගෙන යන ලෙස පවසමින් ආ මරාගෙන මැරෙන බොම්බ කරුවෙකු ටැක්සි රියදුරෙකු විසින් ඔහුගේ ටැක්සිය තුළ සිරකරන ලද සිදුවීමක් හා පසුව  බෝම්බ පිපිරීමෙන් ඔහු මියගිය සිදුවීමක් වාර්තාවේ. බොම්බකරුව මෝටර් රථය තුළට දමා අගුලු දැමූ කුලී රථ රියදුරු ඩේවිඩ් පෙරී මේ සිදුවීම විස්තර කළේය.

ලිවර්පූල් හි ඇන්ග්ලිකන් ආසන දෙව්මැදුරට යන ලෙස බෝම්බකරු පෙරී මහතාගෙන් ඉල්ලා සිටි නමුත් මාර්ග වසා දැමීම නිසා මගියාගේ අදහස වෙනස් කර නගරයේ කාන්තා රෝහලේ නවතන ලෙස ඉල්ලා සිටි බව ඔහු පැහැදිලි කළේය.

ඔහු රෝහලට ඇදෙන විට, ‘පසුපස සිටින අයගේ ඇඳුම තුළින් යම් ආකාරයක ආලෝකයක් නිකුත්ව ඇති අතර එය අවුල් සහගත බව ඩේවිඩ් පෙරී දුටුවේය. ඔහු එළියට පැන කාර් එක ලොක් කළේය.

ඒ සමගම පිපිරීම ඇති විය. පෙරවරු 10.59 ට වාර්තා වූ පිපිරීමෙන් එක් අයෙක් මිය ගොස් රියදුරු තුවාල ලැබූ අතර සන්නද්ධ පොලිස් නිලධාරීන් ලිවර්පූල් හි කෙන්සිංටන් හි බෝලර් වීදියට පැමිණි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අනතුර නිසා වාහනය පුපුරාගිය පසු සිය කණෙහි තුවාල සිදුවූ  රියදුරු රෝහලට ඇතුළත් කරන ලදි.ඉරිදා සවස 6:30 ට ඔහු රෝහලෙන් පිටව ගියේය.

ත්‍රස්ත විමර්ශනයේ කොටසක් ලෙස සැලකෙන වැටලීමකදී සන්නද්ධ පොලිසිය සෙෆ්ටන් උද්‍යානය අසල රට්ලන්ඩ් මාවතට ද මුද්‍රා තැබීය.
ඩේවිඩ් පෙරී  කුලී රථ රියැදුරු, පුපුරණ ද්‍රව්‍ය දැක මරාගෙන මැරෙන බෝම්බකරුවා සිය මෝටර් රථය තුළ සිරකර තිබීම පොලිසියේ ඇගයුමට ලක්ව ඇත.

2,000 කට අධික හමුදා සාමාජිකයින්, ප්‍රවීණයන් සහ සිවිල් ප්‍රභූවරුන් සහභාගී වූ අනුස්මරණ සේවාවක් සැතපුමකට වඩා අඩු දුරින් පිහිටි නගරයේ ආසන දෙව්මැදුරේ සිදුවෙමින් තිබියදී මෙම සිදුවීම සිදු විය. පොලිසිය සැකකරන්නේ මුල් ඉලක්කය අනුස්මරණ සේවාව බව ඔවුන් විශ්වාස කරන බවයි.
සිදුවන්නට ගිය මහා විනාශයක් වැළකූ පෙරී මහතා අන්තර්ජාලයේ වීරයෙකු ලෙස මේ වනවිට ඇගයුමට ලක්වෙමින් තිබේ.