කොරියන් ආයෝජකයකු වැලිකඩ භූමිය බදුගැනීමට සැරසෙයි

0
කොරියන් ආයෝජකයකු වැලිකඩ භූමිය බදුගැනීමට සැරසෙයි - Management Welikada Land To rent
ඇමරිකන්  ඩොලර්  බිලියන  හයක්  අවම  වශයෙන්  උපයා  ගැනීම සඳහා රජය විසින් පෞද්ගලික අංශයට බදු දීම සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රමුඛ ඉඩම් කැබලි පනහක් මේ වන විටත් විකිණී  අවසන්  වී නැති  වුවද  වැලිකඩ  හිර ගෙදර  සහ  එම  සුවිශාල  භූමිය  බදු  ගැනීම  සඳහා  කොරියන්  ආයෝජකයකු  විසින්  ඉදිරිපත්  කර  ඇති  යෝජනාවලියක්  සම්බන්ධයෙන්  රජයේ අවධානය යොමුව තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ඉහත සඳහන් ඉඩම් බදු දෙනු ලබන්නේ අවුරුදු 33, අවුරුදු 50 සහ අවුරුදු 99 යන කාල සීමාවන් සඳහායි .

බදුදෙන සෑම ඉඩමකින්ම 51% ක කොටසක් රජයේ අයිතිය යටතේ පවතින අතර  ඉතිරිය  එම  ඉඩම  බදු  ගන්නා  පාර්ශ්වයට  හිමිවනවා .

මෙම  ඉඩම්  සියල්ලම්  බදු  දීමේ  කටයුතු  භාරවී  ඇත්තේ  නාගරික සංවර්ධන අධිකාරියට වන අතර වැලිකඩ  හිරගෙදර  බදු  ගැනීම  සඳහා  යෝජනා  පත්‍රයක්  ඉදිරිපත්  කර  ඇති  කොරියන්  ආයෝජකයාගේ  සැලසුම  වන්නේ ඒ වෙනුවට හොරණ පිහිටි රජයේ ඉඩමක සකලාංග සම්පූර්ණ බන්ධනාගාර ගොඩනැගිලි සමූහයක් ඉදිකර දීමයි .

එහිදී බදුකරය වශයෙන් කොරියන් ආයෝජකයා ගෙවිය යුතු වටිනාකම  වන්නේ  හොරණ  කරන  ඉදිකිරීමයි .  ඉන්පසු  වැලිකඩ පිහිටි බන්ධනාගාර භූමියෙන් 51% ක් රජය යටතේද 49% ක් කොරියානු යෝජකයා යටතේද පවතින අතර ඉඩමේ සංවර්ධන  කටයුතු  කොරියන්  ජාතිකයා  විසින්  කළ  යුතු බවයි එම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් වන්නේ