පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

0
Australia ICC T20 World Cup Champions - පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට
මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානය ජය ගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ ඩුබායි හිදී පැවති අවසාන මහා තරගයෙන් නවසීලන්තයට එරෙහිව කඩුලු 08 ක ජයක් වාර්තා කරමින්.

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට පිරිනැමුවා.

ඒ අනුව නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 172 ක්.

නායක කේන් විලියම්සන් 85 යි.

ජොෂ් හේසල්වුඩ් ළකුණු 16 කට කඩුලු 03 ක් දවා ගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩාකල ඕස්ට්‍රේලියාව පන්දුවාර 18 යි පන්දු 05 කදී කඩුලු 02 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත්වුණා.

මිෂෙල් මාර්ෂ් නොදැවී 77 යි.

ඩේවිඩ් වෝනර් පන්දු 38 කදී ළකුණු 53 ක් රැස්කලා.

ටේ‍රන්ට් බෝල්ට් ළකුණු 18 කට කඩුලු 02 යි.

ඕස්ට්‍රේලියාව පන්දුවාර 20 ලෝක කුසලානයක් ජයගත් පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්.