ආණ්ඩුව සමග රණ්ඩු වෙන්නේ මැතිවරණ පොරොන්දුවක් වෙනුවෙන් බව ගම්මන්පිල කියයි

0
Udaya Gammanpila Statement of Fight in Government - ආණ්ඩුව සමග රණ්ඩු වෙන්නේ මැතිවරණ පොරොන්දුවක් වෙනුවෙන් බව ගම්මන්පිල කියයි

මේ දිනවල ආණ්ඩුව සමග රණ්ඩු වෙමින් සිටින්නේ මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමට බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

සියමැතිවරණ ව්‍යාපාරයේ පොරොන්දුවක් වූ මනාප සංඛ්‍යාව ට සමාන පැළ සිටුවීමේ වැඩසටහන අරඹමින් ඔහු මේ බව පැවසීය.

ඒ මහතා මැතිවරණයේ දී ලබාගත් මනාප 1,36336 ට සමාන පැළ සිටුවීම ඊයේ මුතුරාජවෙල දී ආරම්භ විය.

එහි දී අදහස් පළකළ අමාත්‍ය වරයා.

“මම පරිසරවේදියෙක් වෙලත්, මට ලැබී තියෙන්නේ දෛවෝපගත ලෙස වැඩිපුරම පරිසරය දූෂණය වන අමාත්‍යංශය . නමුත් දොස්තරලා සිටිය යුත්තේ ලෙඩුන් සමග වන නිසා ඒ අර්ථයෙන් මට මේ අමාත්‍යංශය ලබාදුන්නා විය හැකියි.”

“අපි මේ දවස් වල ආණ්ඩුව එක්ක රණ්ඩු වෙනවලු. ඔව් ..ඒ මැතිවරණ පොරොන්දුවක් ඉටුකරන්න. අපි 2020ජූනි 18 ,මමයි විමල් වීරවංශ මහතායි ජනතාව ට ලිඛිතව පොරොන්දු වුණා ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු වලට පිටින් යනවා නම් ආණ්ඩුව ඇතුලේ විපක්ෂය විදියට කටයුතු කරමින් විරෝධය දක්වන බවට.”

“අපි 20වැනි සංශෝධනය අවස්තාවේ දීත්, නැගෙනහිර ජැටිය සම්බන්ධයෙනුත් මේ දවස් වල යුගදනවි ගිවිසුම සම්බන්ධයෙනුත් කටයුතු ක්රන්නේ ඒ අනුවයි.”