ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ

0
Covid 19 New Cases - නව කොරෝනා ආසාදිතයින්

ගෙවුණු දිනයේ (17) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,456 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 145,202ක් දක්වා ඉහළ ගියේ ය.

ඒ අතරින් ආසාදිතයින් 23 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දේශීය පුද්ගලයින් අතරිනි.

ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ දිස්ත්‍රික්ක 23 කින් හඳුනා ගෙන තිබේ.

⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 677 යි. (වැඩිම ආසාදිතයින්)
⭕ කොළඹ දිස්ත්‍රික්කය – 320යි.
⭕ කළුතර දිස්ත්‍රික්කය – 315 යි.
⭕ ගාල්ල දිස්ත්‍රික්කය – 259 යි.
⭕ මුලතිව් දිස්ත්‍රික්කය – 255 යි.

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

මේ අතර ඊයේ දිනයේ තව කොවිඩ් 19 මරණ 19 ක් වාර්තා විය – https://newsweb.lk/තවත්-කොවිඩ්-මරණ/

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/