විස්සයි 20 ලෝක කුසලානයේ අවසන් මහ තරගය අද

0
ICC World Cup Final Match Today - විස්සයි 20 ලෝක කුසලානයේ අවසන් මහ තරගය අද
මාසයක් පුරා පැවැති තරග 45 කින් සමන්විත වූ 2021 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාප්තිය සනිටුහන් කෙරෙන අවසන් මහ තරගය අද පැවැත්වෙනවා.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර අද පස්වරු 07 යි 30 ට තරගය ආරම්භ වන්නේ.

ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් ද අනු ශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට ඩොලර් ලක්ෂ 08 ක් ද හිමිවනවා.

අවසන් පූර්ව වටයේදී එංගලන්තයට එරෙහිව කඩුලූ 5 ක ජයක් ලබමින් නවසීලන්තය අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා.

ඕස්ට්‍රේලියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී පාකිස්තානයට එරෙහිව කඩුලූ 5 ක ජයක් ලබමිනුයි.

නවසීලන්තය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයකට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.

ඔස්ටේ්‍රලියාව 2010 වසරේදී අනු ශූරයන් බවට පත්වුණා.