බැසිල් රාජපක්ෂ සූර සරදියෙල් වැනි චරිතයක් බව ශාන්ත බණ්ඩාර පවසයි

0
Shantha Bandara Statement of Basil Rajapaksa - බැසිල් රාජපක්ෂ සූර සරදියෙල් වැනි චරිතයක් බව ශාන්ත බණ්ඩාර පවසයි
බැසිල් රාජපක්ෂ මහතා සූර සරදියෙල් වැනි චරිතයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඇති පුද්ගලයින්ගෙන් ලබා ගෙන නැති බැරි ජනතාවට සහනයක් වීම සරදියල් ගේ සිරිත බවයි.

ඉතිහාසයේ සඳහන් පරිදි සූර සරදියල් බලහත්කාරයෙන් සිදු කළ දේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නීත්‍යනුකුලව සිදු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කලා.

මේ අතර , අයවැයෙන් ප්‍රකාශිත භාණ්ඩ හා සේවා බද්ද ක්‍රියාත්මක වන ආකාරය කඩිනමින් දැනුම් දෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

අදාළ බද්ද කුමන ප්‍රතිශතයන්ගෙන් අය කෙරෙන්නේ ද සහ බද්දෙන් නිදහස් භාණ්ඩ මොනවාද යන්න ඒ අනුව ඉදිරියේදී දැනුම් දෙන බවයි, මුදල් අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.