සම සමාජ පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරයි

0
Lanka Sama Samaja Party Decide to Resignation from Government - සම සමාජ පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරයි
මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ලංකා සම සමාජ පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වන තර්ජන හා ආණ්ඩුවේ මහජන විරෝධී ක්‍රියාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇතත් පක්‍ෂ නායකයන් ඒ සඳහා කිසි ප්‍රතිචාරයක් දක්වා නැති බව පක්ෂ නායක තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.

එම තත්ත්වය යටතේ ආණ්ඩු යටතේ සන්ධානගතව නොසිටිය යුතු බව තම අදහස බවද ඔහු පැවසීය.

ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන පක්ෂ දේශපාලන මණ්ඩලයට ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කියා සිටියේය.