මත්පැන් වල නවතම මිල ගණන් මෙන්න

0
Liquor Prices Hiked by Budget - මත්පැන් වල නවතම මිල ගණන් මෙන්න

මෙවර අයවැය මගින් සුරාබදු ඉහළ නැංවීමට සාපේක්ෂව දේශීය මත්පැන් මිල ඉහළ නංවන ආකාරය සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දේශීය නිෂ්පාදිත අතිවිශේෂ අරක්කු මිලිලීටර හත්සිය පණහක බෝතලයක මිල රුපියල් 96 යි ශත 14 කින් ඉහළ නැංවෙන අතර, තල් සහ පොල් අරක්කු බෝතලයක මිල ඉහළ නැංවෙන්නේ රුපියල් 103 කින්.

දේශීය වශයෙන් නිෂ්පාදිත විදේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 126 යි ශත 84 කින් ඉහළ නැංවීමටයි සුරාබදු දෙපාර්තමේන්තුව ගණනය කර ඇත්තේ.

මීට අමතරව සැර සියයට 18 ට වැඩි විදේශීය වයින් බෝතලයක මිල රුපියල් 14 යි ශත 40 කින් ඉහළ නැංවෙනවා.

සැර සියයට පහට අඩු බියර් මිලිලීටර 625හේ කෑන් එකක මිල රුපියල් 3 යි ශත 10 කින් ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

සැර සියයට 5 ට වැඩි බියර් කෑන් එකක මිල රුපියල් 14 කින් ඉහළ නැංවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.