අද රාත්‍රී සිට පැය 28ක් ජල සැපයුම අත්හිටුවන කොළඹ ප්‍රදේශ

0
Water Cut in Colombo Today - අද රාත්‍රී සිට පැය 28ක් ජල සැපයුම අත්හිටුවන කොළඹ ප්‍රදේශ

අද (13) රාත්‍රී 8 සිට හෙට (14 ) මධ්‍යම රාත්‍රී 12 දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 28ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

අඹතලේ සිට කෝට්ටේ වෙත ජලය සපයනු ලබන ප්‍රධාන නලයේ හදිසි ජලකාන්දුවක් හේතුවෙන් මෙලෙස ජල සැපයීම අත්හිටුවන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ජල සැපයීම අත්හිටුවන ප්‍රදේශ පහතින්

කොළඹ 04, 05, 06, 07 සහ 08 යන ප්‍රදේශ

කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ

මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ