ගොවීන් ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක්

0
ගොවීන් ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක්
ඉලක්ක ගත භෝග වෙනුවෙන් ඉලක්ක ගත පොහොර මාදිලි සකස් කිරිම දිරිමත් කරනවා. කෘෂිකාර්මික නිෂ්පාදනය විවිධාංගිකරණය හා අගය එකතු කිරීම හරහා විදේශ වෙළඳපොළට ලබාදීමට කටයුුතු කරනවා. වගා නොකළ ඉඩම් තරුණයිනට හා කාන්තාවන්ට වගා කිරීමට ලබා දෙනවා. කෘෂිකාර්මික සුරක්ෂිතතාව තහවුරු කරන පනතක් සකස් කර ගොවීන් ආරක්ෂා කරනවා.

විදුලි උපකරණ නිෂ්පාදනයෙන් ජාත්‍යන්තර ජයගැනීම
විදුලි උපකරණ නිෂ්ජාපාදනය ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක ජය ගැනිම සඳහා දිරිමත් කරනවා. පුනර්ජනනීය බලශක්තියට අවශ්‍ය උපකරන ලංකවේ නිෂ්පාදනය කිරීමට කටයුතු කරනවා. ඉසව් සංචාරක කර්මාන්තය දියුණු කරනවා.

ශ්‍රී ලංකාව මැණික් මිලදී ගත හැකි ප්‍රධානම මධ්‍යස්ථානය බවට පත් කිරීම
ශ්‍රී ලංකාව මැණික් මිලදී ගත හැකි ප්‍රධානම මධ්‍යස්ථානය බවට පත්කරනවා. රබර් ආශ්‍රිත නිෂ්පාදන රටට ගෙන්විම නැවැත්වීමටත් රබර් අමුද්‍රව්‍යක් ලෙස පිරටට යැවීම වෙනුවට නිමි භාන් ලෙස යැවීමට කටයුතු කරනවා.