වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක්

0
Covid -19 - වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක්
රට තුළ සංචරණ සීමා ඉවත් කිරීම හේතුවෙන් තවත් කොවිඩ් රැල්ලක් ඉතා ආසන්න කාලයක දී ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා වු නිර්දේශ ඇතුළත් ලිපියක් එම සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර තිබෙනවා.

ඉතා හොඳ අධීක්ෂණයක් යටතේ වත්මන් නීති හා සීමා කිරීම් දැඩි ලෙස බලාත්මක කළ යුතු බව එම නිර්දේශ අතර වේ.

එහිදී සෞඛ්‍ය රෙගුලාසි සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වන බවට සමීපව නිරීක්ෂණය කිරීම සහ සහතික කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දී ඇත.