ඉඩම් ඇමැති යූරියා ගෙන්වන්න හදයි.. අද කැබිනට් පත්‍රිකාවක්…

0
ඉඩම් ඇමැති යූරියා ගෙන්වන්න හදයි.. අද කැබිනට් පත්‍රිකාවක්...
ලබන වසරේ මෙරට පොහොර අවශ්‍යතාවයෙන් 50% ක ප්‍රමාණයක් යූරියා ලබාදීම සඳහා තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අද දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ඉන්පසු ක්‍රමිකව එම පොහොර ගෙන්වීම නතර කර දැමීමට තමන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

පොස්පරස් සහ පොටෑසියම් පොහොර මෙරට නිෂ්පාදනය කර ගත හැකි බවද පැවසූ ඔහු පොහොර ගැටළුව ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර සහනයක් ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.