ඕස්ට්‍රේලියාව විස්සයි විස්ස අවසන් තරගයට

0
Australia won the match - ඕස්ට්‍රේලියාව ‘විස්සයි විස්ස අවසන් තරගයට’
පාකිස්ථානය සමග පැවති තරගය කඩුළු 5 කින් ජයග්‍රහණය කරමින් පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 176ක් ලබා ගත්තා.

එහිදී සමාන් නොදැවී ලකුණු 55ක් ලබා ගත් අතර හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් ඊට ඇතුළත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව පන්දු වාර 19කදී කඩුලු 5ක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව 2021 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙනු ඇති.