ඊළඟ වර්ජනයට රාජ්‍ය බැංකු සේවකයන් සුදානම්

0
Bank Strike - ඊළඟ වර්ජනයට රාජ්‍ය බැංකු සේවකයන් සුදානම්
රාජ්‍ය බැංකු සේවකයන්ගේ වැටුප් වැඩිවීම හා දීමනා ලබාදීමට අදාළව මේ මස 16වැනිදා. මුදල් අමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් මේ මස 22වැනිදා සිට රාජ්‍ය බැංකු හතේම සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

වසර තුනකට වරක් මේ සඳහා රාජ්‍ය බැංකු හතේ කළමනාකාරීත්වය හා වෘත්තීය සමිති අතර සාමූහික ගිවිසුමක් අත්සන් කරන බවත්, මේ වසරේ සිට ඉදිරි වසර තුන සඳහා මේ වසරේ මාර්තු මාසය වනවිට සාමූහික ගිවිසුම් අත්සන් කිරීමට තිබූ බවත් එම සංගමයේ ලේකම් රංජන් ස්නානායක මහතා පවසා සිටියේය. ඉදිරි වසර තුනක කාලය සඳහා මෙතෙක් ගිවිසුම් අත්සන් කිරීමට නොහැකි වූ බවත්,

මේ නිසා අද(11) සිට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබූ බවත් පවසා සිටි හෙතෙම, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යවරයා මේ මස 16 වැනිදා අවස්ථාවක් ලබාදී තිබෙන බවද පැවසීය. මේ නිසා සාකච්ඡා අසාර්ථක වුවහොත් රාජ්‍ය බැංකු හතේම සේවකයන් ඒකාබද්ධ වීමේ මස 22වැනිදා එක් දින වැඩවර්ජනයක් හා ඊට දින හතකට පසු දෙදින වැඩවර්ජනයක් හා දෙදින වැඩ වර්ජනයෙන් දින හතකට පසු දින තුනක වැඩ වර්ජනයක් සිදු කිරීමට සැලසුම්කර තිබෙන බවද ලේකම්වරයා පවසා සිටියේය.