16 හැවිරිදි දරුවා පැදවූ රථයේ ගැටී.. රෝහලේ සිටි සිසුවා ත් මරුට…

0
Accident - 16 හැවිරිදි දරුවා පැදවූ රථයේ ගැටී.. රෝහලේ සිටි සිසුවාත් මරුට...
වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුරෙන් බරපතල ලෙස තුවාල ලැබූ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි පාසල් සිසුවා අද (11) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා

16 හැවිරිදි දරුවෙකු පැදවු අධි සූඛෝපභෝගී මෝටර් රථයක් නොවැම්බර් 05 වනදා උදෑසන මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක, ත්‍රීරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටී සිදුවු අනතුරින් එක් පුද්ගලයෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලැබුවා.