ඉන්දියාවටත් අධික වැසි

0
india raining - ඉන්දියාවටත් අධික වැසි
ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයට පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා

බොහෝ බලපෑමට ලක් වූ ප්‍රදේශවලට වැසි ඇති වන බවත් සමහර මාර්ග සහ පහත් බිම් වරින් වර ගංවතුරට ලක්විය හැකි බවත් ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මේ අතර තමිල්නාඩුවේ පුද්ගලයන් 16 දෙනෙකු මිය ගිය බව ප්‍රාන්ත ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළ බව විදෙස් මාධ්‍ය පවසනවා

ඉන්දියාවේ මෝටර් රථ නිෂ්පාදන මධ්‍යස්ථානය වන චෙන්නායි ප්‍රාන්ත අගනුවර බොහෝ ප්‍රදේශ ජලයෙන් යටව තිබෙනවා

පහත් බිම්වල සිටි දහස් සංඛ්‍යාත ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බවයි එරට බලධාරීන් පවසන්නේ.

තමිල්නාඩුවේ බොහෝ පාසල් සහ විද්‍යාල වසා දමා ඇති අතර සමහර දුම්රිය සේවා තවමත් අත්හිටුවා ඇති බවයි සඳහන් වන්නේ