කොළඹ – මහනුවර මාර්ගය හෙට දක්වා වැසේ

0
Ksndy to Colombo Closed - කොළඹ – මහනුවර මාර්ගය හෙට දක්වා වැසේ
තාවකාලිකව ඊයේ (10) රාත්‍රී වසා දමන ලද, කොළඹ – මහනුවර මාර්ගය ‘ පහළ කඩුගන්නාවෙන් ‘ හෙට ( 12 ) පෙරවරු 9.00 දක්වා තවදුරටත් වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

කොළඹට සහ මහනුවරට ළගා වීමට පහත විකල්ප මාර්ග භාවිතා කළ හැකි වනවා.

කොලඹ සිට මහනුවරට පැමිණෙන රථවාහන සදහා විකල්ප ලෙස

1.අඹේපුස්ස හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර -කටුගස්තොට හරහා මහනුවර

2.කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගල ඉන් අනතුරුව ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර

3.මාවනැල්ල සිට රඹුක්කන -හතරලියැද්ද -ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර.

4.මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොල -පේරාදෙණිය මහනුවර

මහනුවර සිට කොලඹට ගමන් කරන රථවාහන සදහා විකල්ප මාර්ග ලෙස

1.කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොලඹ දක්වා

2.කටුගස්තොට -ගලගෙදර-රඹුක්කනට පැමිණ කොලඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ