පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

0
P{arliment in Covide - පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්
දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාලර්ස් නිර්මලනාදන් මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

“අද දෙරණ” කළ විමසීමකදී මන්ත්‍රීවරයා පැවසුවේ, පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුව තමාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවය.

ඒ අනුව, මේ වන විට තමා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව ද චාල්ර්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.