චීන පොහොර අහිතකර නැත.. තෙවන පාර්ශවීය පරීක්ෂණ සංවිධානය කියයි…

0
Chinese fertilizer is not harmful. - චීන පොහොර අහිතකර නැත - තෙවන පාර්ශවීය පර්යේෂක කියයි
ශ්‍රී ලංකා කෘෂිකාර්මික බලධාරීන් සමඟ ගැටුමක පැටලී සිටින චීන සමාගම විසින් තෝරාගත් තුන්වන පාර්ශ්ව පරීක්ෂණ සංවිධානය වන Schutter Global Inspection and Survey Company, ශ්‍රී ලංකා ශාක නිරෝධායන සේවාවේ සොයාගැනීම්වලට පටහැනිව සිය පර්යේෂණ වාර්තාඉදිරිපත්කර ඇති බව සමාගම පවසයි.

එම පර්යේෂණ අනුව පවසන්නේ කිසියම් හෝ හානිකර බැක්ටීරියා සාම්පල චීන පොහෝර වල නැති බවයි.
Qingdao Seawin Biotech Group සමාගම ශ්‍රී ලංකාවේ මාධ්‍ය සමඟ එකී විශ්ලේෂණ වාර්තාව බෙදාගෙන ඇත.

Schutter ගේ පරීක්ෂණ වාර්තාව පවසන්නේ සමාගම විසින් සපයන ලද සාම්පලවල කිසිදු හානිකර ලක්ෂණ – Coliform බැක්ටීරියා, සැල්මොනෙල්ලා සහ ඇස්කරයිඩ් බිත්තර හමු නොවූ බවයි. ISO 4832-2006 අනුව පරීක්ෂණ සිදු කර ඇති බවද දන්වා ඇත.

පර්යේෂණය සිදු කළ Schutter Group Inspection and Survey Co.Ltd. චීන සමාගමක් වන අතර
North Dongsanhuan Road, Silver Tower 911, Chaoyang District, Beijing, China. ලිපිනයෙහි සිය කාර්යාලය පවත්වා යයි.

චීන සමාගම දැනටමත් SLPS නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමාරච්චි මහතාගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක මුදලක් ගෙවන ලෙස ඉල්ලා ලිපියක් යවා ඇත. .

ඊට අමතරව කොළඹ චීන තානාපති කාර්යාලය කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබූ අතර මතභේදයට තුඩු දී ඇති පොහොර තොගය මෙරටට ප්‍රවාහනය කිරීමට ඉඩ නොතබන බව අමාත්‍යාංශය චීන පාර්ශවයට දැනුම් දී තිබුණි.