මිහින්තලයෙන් අවාසනාවන්ත සිදුවීමක්

0
Deth case - මිහින්තලයෙන් අවාසනාවන්ත සිදුවීමක්
මිහින්තලයෙන් ඇසෙන ඛේදනීය කතාව මාර්ගයේ ගමන් කළ යතුරු පැදියක් මතට කපන ලද පොල් ගසක් වැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනුරාධපුර, නරියන්කුලම හන්දිය, මිහින්තලය මාර්ගයේ ඊයේ (10) දී එම අනතුර සිදුව ඇත.

කොන්ත්‍රාත් පදනම මත විදුලි රැහැන්වලට අනතුරුදායක ගස් අනාරක්ෂිතව ඉවත්කරමින් සිටියදී එම අනතුර සිදුව ඇත.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකාරිය සහ පසු පැදිකරු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව පසු පැදිකරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ 71 හැවිරිදි පහලගම, උස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 18 සහ 30 වයස්වල පසුවන කැබිතිගොල්ලෑව හා ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.