නිදහස් පක්ෂයෙන් පොදු සන්ධානයක්

0
New Party - නිදහස් පක්ෂයෙන් පොදු සන්ධානයක්
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 30 ක් පොදු සන්ධානයක් යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ කටයුතු කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂ හා කණ්ඩායම් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (11) පෙරවරුවේ මූලික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

පෙරවරු 10ට නිදහස් පක්ෂ මූලස්ථානයේදී අදාළ සාකච්ඡාව පැවැත්වෙන්නේ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.