සාදයක් නිසා 17කට කොවිඩ් වැළඳිලා

0
Covide -19 - සාදයක් නිසා 17කට කොවිඩ් වැළඳිලා
හක්මන උදුපීල්ලගොඩ මිල්ලගහහේන ප්‍රදේශයේ නිවෙසක පැවැති සාදයකට සහභාගී වු පුද්ගලයන් ගෙන් 17 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හදුනාගත් බව හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන බව පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

මිල්ලගහහේන ප්‍රදේශයේ නිවසක ඉකුත් 7 වැනි දින පැවැති මෙම සාදය සදහා සහභාගි වූ පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට හදුනා ගැනීමෙන් අනතුරුව මගුල් උත්සවයට සහභාගී වූ සෙසු පිරිසට ද අහඹු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවන් සිදු කර තිබෙනවා

එහිදී ආසාදිතයින් 17දෙනෙක් හඳුනාගත් බවයි පැවසෙන්නේ

මෙම පිරිස අතර වයස දහසයට අඩු ළමයන් අට දෙනෙකු අයත් බවද හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කර තිබෙනවා

සෙසු පිරිස වැඩිහිටියන් වන අතර ආසාදිතයන් ප්‍රථිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට සහ ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායට යොමු කරමින් සිටින බවත් සඳහන්