ගුරු සංගම් මත ගැටුම එළියට

0
Teacher Strike - ගුරු සංගම් මත ගැටුම එළියට
ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් කැබිනට් අනුකාරක සභාවේ යෝජනා ලබන ජනවාරි මාසයේ සිට ගුරුවරුන්ට ලබාදීමට රජය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, කැබිනට් අනුකාරක සභාව විසින් ලබාදුන් යෝජනා මෙවර අයවැයෙනු ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවය.

ඒ අනුව සුබෝධනී කමිටු වාර්තාවේ කොටසක් ලෙස අමාත්‍ය අනුකමිටුව ඉදිරිපත් කරන ලද වැටුප් යෝජනාව එක්වර ගෙවීම සඳහා රජය එකඟත්වය පළ කළ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය.

“මේ සාකච්ඡාවේ දී අපට පොරොන්දු වුණා සුබෝධනී කමිටු වාර්තාවේ කොටසක් ලෙස අමාත්‍ය අනුකමිටු ඉදිරිපත් කරපු වැටුප් යෝජනාව එකවර ගෙවන්න. පැහැදිලිව ම අයවැය යෝජනාවේ දී මේක ප්‍රකාශයට පත්කරනවා කියලා. ඒ වගේම එළැඹෙන ජනවාරි මාසයේ දී තමා මේක ක්‍රියාත්මක කරන්න නියමිත වෙලා තියෙන්නේ.”

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා,

“අවලාද නඟපු ආණ්ඩුවේ ගුරු සංගම් නායිකාව අද ලැජ්ජා නැතුව රෙදි ඇඳගෙන ගිහින් යෝජනාවලියක් භාරදීලා කියනවා ඒ අයගේ යෝජනාවක් විදියට ක්‍රියාත්මක වෙනවා කියලා. කලින් පිටපත් කරන ලද පිටපතක් තමයි අද පාර්ලිමේන්තුවේ දී රඟ දැක්වුයේ.”

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ, සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය,

“දැන් සුබෝධනී වාර්තාව කවුද හැදුවේ ? ඒක අපේ. මෙන්න අපේ නාට්‍යයේ පිටපත. මේක අරගෙන වෙන වෙන අය සොකරි, නාඩගම් නැටුවා.”