නවසීලන්තය විස්සයි විස්ස අවසන් මහා තරගයට

0
New Zealamd won the match - නවසීලන්තය, විස්සයි විස්ස, අවසන් මහා තරගයට
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය පරදවා කඩුලු 5ක ජයක් ලබමින් නවසීලන්ත කණ්ඩායම අවසන් මහා තරගයට ඊයේ (11) සුදුසුකම් ලබා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව එංගලන්තය නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 166ක් රැස් කරනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කණ්ඩායම ජයග්‍රාහී සීමාව පසුකර ගියේ පන්දු වාර 19ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී තිබියදියි.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර අද (11) පැවැත්වෙනවා.