විද්‍යාපීඨ ඩිප්ලෝමාව ගෞරව උපාධියක් කරන්න යයි

0
Diploma to Bsc (Sp) - ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් පාඨමාලා සම්පූර්ණ කරන ශික්ෂාලාභීන්ගේ ඩිප්ලෝමාව ගෞරව උපාධියක් ලෙස ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් මගින් සාකච්ඡා කර අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥයන්ගේ වෘත්තීය සංගමය ඇතුළු වෘත්තීය සමිති වෙත ලිපියක් යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි. යෝජනාව පිළිබඳ අවසන් කෙටුම්පත ලබන වසරේ ජනවාරි 18ට පෙර ඉදිරිපත් කළ යුතු බවට තීරණය කළ බවත් සියලු කාර්යයන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අධීක්ෂණයට යටත්වන අතර, නියමිත දිනට අදාළ යෝජනා සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් පාඨමාලා සම්පූර්ණ කරන ශික්ෂාලාභීන්ගේ ඩිප්ලෝමාව ගෞරව උපාධියක් ලෙස ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් මගින් සාකච්ඡා කර අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි

සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥයන්ගේ වෘත්තීය සංගමය ඇතුළු වෘත්තීය සමිති වෙත ලිපියක් යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.

යෝජනාව පිළිබඳ අවසන් කෙටුම්පත ලබන වසරේ ජනවාරි 18ට පෙර ඉදිරිපත් කළ යුතු බවට තීරණය කළ බවත් සියලු කාර්යයන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අධීක්ෂණයට යටත්වන අතර, නියමිත දිනට අදාළ යෝජනා සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.