ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට අගමැතිගෙන් විසඳුම්

0
Teachers & Principle Strike - ගුරු -විදුහල්පති වැටුප් විෂමතාවට අගමැතිගෙන් විසඳුම්
එළැඹෙන අයවැයෙන් යෝජිත වැටුප් විෂමතාවයේ සම්පූර්ණ කොටස එකවර ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු – විදුහල්පති සංගම් අතර පැවති සාකච්ඡාවේදී එකඟ වී තිබෙනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ එම එකඟත්වය ගුරු අරගලයේ ප්‍රථිපලයක් බවයි.

අයවැයේදී මෙම පොරොන්දු ඉටු නොවන්නේ නම් තම අරගලය තවදුරත් ගෙන යන බවද ඔහු අවධාරණය කළා.