අතුරුදන්ව සිට යළි පැමිණි දැරියන් ගැන හෙළිවූ තොරතුරු

0
missing Children - අතුරුදන්ව සිට යළි පැමිණි දැරියන් ගැන හෙළිවූ තොරතුරු
අතුරුදන්ව සිට යළි නිවෙස් වෙත පැමිණ සිටින බාල වයස්කාර ගැහැණු දරුවන් තිදෙනාව පැහැර ගැනීමකට ලක්ව නොමැති බව පොලිසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරියෙකු සඳහන් කළේ අදාළ දැරියන් තිදෙනා කොළඹින් බස් රථයක නැගී අනුරාධපුරයට ගොස් එතැන් සිට මහනුවරට ගොස් ඇති බවයි.

පසුව එම දැරියන් මහනුවරින් බසයක නැගී කොළඹට පැමිණ තිබෙනවා.

මෙම ගැහැණු දරුවන් තිදෙනා අතුරුදන් වී සිටින බවට කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ නොවැම්බර් මස 8 වන දිනයි.

මෙම දැරියන් දෙදෙනෙකු සහෝදරියන් වන අතර අනෙක් දැරිය ඔවුන්ගේ ඥාති සහෝදරියක වනවා.

අතුරුදන්ව සිටි බව කියන ‘දැරියන් තිදෙනා’ යළි නිවෙස්වලට

Nov 10, 2021 at 07:48

අතුරුදන් වූ බව කියූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ බාලවයස්කාර දැරියන් තිදෙනා යළි සිය නිවෙස්වලට  පැමිණ තිබෙනවා.

මෙම දැරියන් පෙරේදා(8) පෙරවරුවේ සිට අතුරුදන් වූ බවට කෙසෙල් වත්ත පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබුණේ ඊයේ (09)පෙරවරුවේදීයි.

මෙලෙස අතුරුදන්ව සිටියේ එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙක් සහ තවත් එක් ඥාති සොහොයුරියකි.