කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ග රැසක ගමනාගමනයට බාධා

0
For traffic on many roads - කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ග රැසක ගමනාගමනයට බාධා
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මහනුව, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සහ මීට අමතරව බදුල්ල, කොළඹ, ගාල්ල, සහ කළුතර යන දිස්ත්‍රික්කවලට ද නිකුත් කර ඇති නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

එමෙන්ම, මාතලේ, රත්නපුර, ගම්පහ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ද නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අතර, හලාවත – කොළඹ මාර්ගය මාදම්පේ සහ මහවැව යන ප්‍රදේශවලින් ජලයෙන් යට වී ඇති අතර තිනිපිටියවැව සහ කඩුපිටිඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, මීගමුව – පුත්තලම ප්‍රධාන මාර්ගයට මාරවිල – ගොඩවල මංසන්ධියෙන් ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.