දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

0
දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන
දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල, කෑගල්ල, කළුතර,නුවර ,මාතලේ ,නුවරඑළිය ,බදුල්ල ,කොළඹ ,කුරුණෑගල ,ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ

ඒ අනුව නුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ,දොළුව ,යටිනුවර ,උඩ පළාත ,පස්බාගේ කෝරලේ ,ගඟවට කෝරලේ ,උඩුනුවර සහ ගඟ ඉහළ කෝරලේ යන ප්‍රදේශවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රතු නිවේදන නිකුත් කර තිබෙනවා

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ,යටියන්තොට ,රුවන්වැල්ල ,අරණායක ,කෑගල්ල ,මාවනැල්ල ,බුලත්කොහුපිටිය ,වරකාපොල ,දෙහිඕවිට ,ගලිගමුව ,සහ දැරණියගල ප්‍රදේශවලටත් ,කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය ,අලව්ව ,මාවතගම ,පොල්ගහවෙල ,රිදීගම සහ නාරම්මල යන ප්‍රදේශවලටත් රතු නිවේදන නිකුත් කර තිබෙන අතර මෙම ප්‍රදේශ නායයාමේ අවදානම වැඩි ප්‍රදේශ බැවින් වැඩි වශයෙන් සැළකිලිමත් විය යුතු බවයි එහි සඳහන් වන්නේ