ඇමති මහින්දානන්දගෙන් මන්ත්‍රී පාඨලීට එරෙහිව CID වෙත පැමිණිල්ලක්

0
Mahindananda Vs Patali - ඇමති මහින්දානන්දගෙන් මන්ත්‍රී පාඨලීට එරෙහිව CID වෙත පැමිණිල්ලක්
ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් ඊයේ දින (09) පාර්ලිමේන්තු විවාදයේදී සිදු කළ ප්‍රකාශයට එරෙහිව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දින (10) පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

උදෑසන 9.15ට පමණ පැමිණි අමාත්‍යවරයා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳී සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.