උද්ඝෝෂණයේ සිටි ගුරුවරිය ට හදිසියේ සිදුවූයේ කුමක්ද?

0
What happened to the teacher - උද්ඝෝෂණයේ සිටි ගුරුවරියට හදිසියේ සිදුවූයේ කුමක්ද?
කොටපොළ ජාතික පාසල ඉදිරිපිට ගුරු උද්ඝෝෂණයකට සහභාගි වූ ගුරුවරිය ක ඊයේ (09 වැනිදා) සවස ඇදවැටී මිය ගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ දෙණියාය මධ්‍ය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සේවය කළ මිරිස්වත්ත දෙණියායේ ලිපිනයේ පදිංචි වරුනි මධුභාෂණ නමැති 27 හැවිරිදි ගුරුවරියයකි.

ඇය මීට පෙර බයිපාස් සැත්කමකට මුහුණ දී ඇති ගුරුවරියකි. ඇදවැටීමෙන් පසු දෙණියාය මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඇය මිය ගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

හෘදයාබාධයක් වැලඳී ඇය මියයන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැක පළ කරන අතර ඇයගේ හදිසි මරණ පරීක්ෂණය අද (10 වැනිදා) දෙණියාය මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතය. කොස්මෝදර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.