රජය විදේශ රැකියා රාශියක් උත්පාදනය කලා.. තරුණයන් පාස්පෝට් පෝලිමේ එන්නේ ඒවාට යන්නයි…

0
SM Chandrasena Statement of Passport - රජය විදේශ රැකියා රාශියක් උත්පාදනය කලා.. තරුණයන් පාස්පෝට් පෝලිමේ එන්නේ ඒවාට යන්නයි...

විශාල පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පෝළිම්වල සිටින්නේ වත්මන් රජය විශාල වශයෙන් විදේශ රැකියා අවස්ථා උත්පාදනය කර ඇති නිසා බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

එම පිරිස් මෙසේ විදේශ ගමන් බලපත්‍ර සූදානම් කරන්නේ ඊශ්‍රායලය ජපානය කොරියාව වැනි රටවල රැකියා මට යාමට බවද ඔහු සඳහන් කරයි.

එම රටවල රැකියා වලට යාම සඳහා ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් තෝරාගෙන ඇති බවත් එම පිරිස මෙසේ විදේශ ගමන් බලපත‍්‍ර ලබා ගැනීමට එක්වීම නිසා තදබදයක් ඇති වී තිබෙන බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.