මුහුදු යන්න එපා.. රතු නිවේදන නිකුත් වෙයි…

0
Dont - මුහුදු යන්න එපා.. රතු නිවේදන නිකුත් වෙයි...
නැවත දැනුම් දෙන තුරු නිරිත දිග ඛෙංගාල බොක්ක ප්‍රදේශයේ හා දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල ධීවර කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

ඒ ගිණිකොන දිග ඛෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කළාපයක් වර්ධනය වී තිබිම හේතුවෙන්.

එය පැය 36 තුළ පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළාසන්නයෙන් තමිල්නාඩු වෙරළට ළඟා වනු ඇති.

ඒ හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි සමග පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා තද සුළං ඇති විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ රළු වීමේ හැකියාව ද පවතිනවා.